ආනයනය කරන ලද සහල් හැකි ඉක්මනින් මහජනතාවට ලබා දීම සඳහා රේගුව විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා ඇති බව රේගූව පවසයි.
රේගූ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්ෂ සීවලි අරුක්ගොඩක මහතා අද (12) පැවැති මාධ්‍ය හමුවේදී මේ බව පැවසීය.
ඒ අනුව මේ වන විට ආනයනික බහලුම් 17ක් ආනයනය කර ඇතැයිද ඒ තුල කැකුළු සහල් සහ තම්බපු සහල් පවතින බවත් එම සහල් තොග හැකි ඉක්මනින් මහජනතාවට ලබා දීමට බලාපොරොත්තු වන බවද ඔහු පැවසීය.
“අද උදෑසන වන විට රේගුවට ආනයන බහලුම් 17ක් නිදහස් කිරීමට ලැබිලා තියෙනවා. එයින් බොහෝ ප්‍රමාණයක් දැනටමත් නිදහස් කර අවසන්. මේ ආනයනික බහලුම් 17 මෙට්‍රික් ටොන් 440ක් පමණ අඩංගු වෙනවා මෙයින් මෙට්‍රික් ටොක් 130ක් කැකුළු සහලුත් මෙට්‍රික් ටොන් 300ක් පමණ තම්බපු සහල් තමයි ආනයනය කරලා තියෙන්නේ. මේ සියලු ම ආනයනයන් ඇවිත් තියෙන්නේ ඉන්දියාවේ සිට. මේ සහල් හැකි ඉක්මනින් රේගුවෙන් නිශ්කාෂනය කරලා මහජනතාවට ලබාදීම සඳහා ශ්‍රී ලංකා රේගුව විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒ අනුව අවම ප්‍රමාදයකින් හැකි තරම් ඉක්මනින් ආනයනකරුවන් තීරුබදු ගෙවීමෙන් අනතුරුව සහ ආහාර පාලක සහ ශාක නිරෝධායන නිලධාරීන් පරික්ෂා කිරීමෙන් පසුව ආනයනකරුවන් වෙත නිදහස් කිරීමට අපි කටයුතු කරලා තියෙනවා.”
