රත්නපුර මාර්ග අවහිරතාවක් සම්බන්ධව දැනුම්දීමක්

Date:

රත්නපුර ප්‍රදේශයේ දී හෙට (13) දින සිදුවිය හැකි මාර්ග අවහිරතාවක් සම්බන්ධව පොලීසිය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව ශ්‍රී පාද වන්දනා වාරය එළැඹෙන 14 වන උඳුවප් පුර පසලොස්වක පොහොය දිනෙන් ආරම්භ වන බැවින් පැල්මඩුල්ල ගල්පොත්තාවල විහාරස්ථානයේ තැන්පත් කර ඇති සමන් දේව ප්‍රතිමාව, සධාතුක කරඬුව සහ දේව ආභාරණ මහජනතාවට වැඳපුදා ගැනීමට අවස්ථාව අද (12) දින සිදු කෙරේ.

ඉන් පසු හෙට (13) දිනයේදී ගලප්පොත්තාවල රජමහා විහාරස්ථානයේ සිට රත්නපුර පලාබද්දල මාර්ගයේ හා කුරුවිට එරත්න මාර්ගයේ ශ්‍රී පාද මළුව දක්වා පෙරහරින් වැඩම කිරීමට නියමිතව තිබේ.

මෙම පෙරහැර ගමන් කිරීමට නියමිත A-04 ප්‍රධාන මාර්ගයේ පැල්මඩුල්ල සිට රත්නපුරය නව නගරය දක්වා කොටසේ හෙට උදෑසන 6 සිට උදෑසන 10.00 දක්වා පමණ කාලය තුළ රථවාහන තබදයක් ඇති විය හැකි බව පොලීසිය පවසයි.

එබැවින් එම කාලය තුළ ඉහත මාර්ගයේ ගමන් ගන්නා රියදුරන් හා මහජනතාවට මේ සම්බන්ධව අවධානය යොමු කරන මෙන් පොලීසිය ඉල්ලා සිටියි.

Share post:

Popular

More like this
Related