රටම ආවරණය කෙරෙන ජන හා නිවාස සංගණනයක්

Date:

දිවයිනේ සියලුම ප්‍රදේශ ආවරණය වනපරිදි ජන හා නිවාස සංගණනය ආරම්භ කර ඇති බැවින් නිවසට පැමිනණෙන අදාළ නිලධාරීන්ට අවශ්‍ය තොරතුරු ලබාදෙන ලෙස කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න ගිණිගේ මහතා ඉල්ලීමක් කරයි.

ඒ අනුව ප්‍රාදේශීය ලේකම්වරයාගේ අත්සන සහ නිල හැඳුනුම්පතක් සහිතව පැමිණෙන නිලධාරියාට සහාය වන ලෙසද ඔහු ජනතාවගෙන් වැඩි දුරටත් ඉල්ලා සිටියේය.

“ඔබ නිවසේ නොමැති නම් යම් දුකරතන අංකයක් ඒ නිලධාරීන්ට ලැබනේනට සලස්වා ඔබ නිවසේ සිටින අවස්ථාවක් ඔවුන් වෙත දැනුම්දෙන්න. විස්තර ලබාගැනීමේදී ඔබ විසින් ලබාදෙන අදාළ  පෞද්ගලික තොරතුරු වෙනත් බාහිර පාර්ශ්වයක් අතට පත් නොවීමට අපි වගබලා ගන්නා බවත් සඳහන් කරන්න අවශ්‍යයි.”

Share post:

Popular

More like this
Related