ජනාධිපති කුමාර දිසානායක මහතා දෙසැම්බර් 15 සිට 17 වනදා දක්වා ඉන්දියාවේ සංචාරයක නිරත වනබව විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කළේය.
ඉන්දීය ජනාධිපතිනී Droupadi Murmu ගේ ආරාධනයක් අනුව ජනාධිපතිවරයා එම සංචාරයට එක්වෙයි.
ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීමෙන් අනතුරුව අනුර කුමාර දිසානායක මහතා ගේ පළමු විදෙස් සංචාරය මෙය වෙයි.
එම සංචාරයේදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී සමග ද්වීපාර්ශ්විකව වැදගත් කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවද සඳහන් ය.
දෙරට අතර ආයෝජන සහ වාණිජ සම්බන්ධතා ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙන් ජනාධිපතිවරයා දිල්ලි හි පැවැත්වෙන ව්‍යාපාරික හමුවකට එක්වීමට ද නියමිතය.
ඔහු එසේම බුද්ධගයාවේ සංචාරය කිරීමටද නියමිත බව කොළඹ පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය නිවේදනය කළේය.
