කොණ්ඩ රංජිගේ නිවසට වෙඩි

Date:

කඳාන වීදි මාවත ප්‍රදේශයේ තෙමහල් නිවසකට අද සවස යතුරුපැදියෙන් පැමිණි පුද්ගලයන් දෙදෙනෙක් විසින් ටී-පනස් හය වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා ගොස් තිබේ.

එම වෙඩිතැබීමේදී අසල නිවාසවලටද වෙඩි පහරවල් කිහිපයක් වැදී තිබුණි.

මෙම තුවක්කුකරුවන් ඉලක්ක කොට ඇත්තේ රංජිත් කුමාර නොහොත් කඳානේ කොණ්ඩ රංජි නැමැත්තාගේ නිවස බව අප වාර්තාකරු පැවසීය.

මීට වසර දෙකහමාරකට පෙර මෙම පුද්ගලයා, බිරිඳ සහ දරුවන් තිදෙනා සමග ඩුබායි රාජ්‍යයට ගොස් ඇති බව සඳහන් ය.

එම පුද්ගලයා ගිනි අවි ළඟ තබාගැනීම, හෙරොයින් ජාවාරම හා හරක් හොරකම් සම්බන්ධව බන්ධනාගාරගතව ඇප මත නිදහස්ව සිටි පුද්ගලයෙකි.

Share post:

Popular

More like this
Related