සහල් සම්බන්ධ වැටලීම් තවදුරටත්

Date:

දිවයින පුරා සහල් සම්බන්ධව වැටලීම් තවදුරටත් සිදු කෙරෙමින් පවතින බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.

එහි අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මහතා පැවසුවේ ඊයේ (14) දිනයේදී දිවයින පුරා වැටලීම් 75ක් පමණ සිදුකළ බවය.

ඉදිරියේදී ද සති අන්තයේ සහ නිවාඩු දිනවලදී වැටලීම් කරන ලෙස අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බවත් ඔහු පැවසීය.

එමෙන්ම ආනයනික සහල් තොග වෙළෙඳපොළට පැමිණීමත් සමග සහල් මිල අඩුවෙමින් පවතින බවද ඇතැම් ප්‍රදේශයන් හී වී මිලද අඩු වෙමින් පවතින බවටත් මේ වන විට තොරතුරු ලැබෙමින් පවතින බවද ඔහු පවසයි.

මේ අතර රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව මගින් නාඩු සහල් මෙට්‍රික් ටොන් 5,200ක ප්‍රමාණයක් ආනයනය කිරීමට ද කටයුතු යොදා තිබේ.

එහි පළමු තොගය මෙම මස 19වන දින මෙරටට ලැබීමට නියමිතව ඇති බවත් වාර්තා වේ.

Share post:

Popular

More like this
Related