ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම්

Date:

දිවයිනේ ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.

එම සංවිධානයේ ශ්‍රේෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා පැවසුවේ මෙම නිවේදනය අද (14) පස්වරු 6.00 දක්වා ක්‍රියාත්මක බවය.

ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ හපුතලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අදියර 2ක යටතේ අවධානයෙන් සිටින ලෙස නිවේදනයක් නිකුත් කර තිබේ.

තවද බදුල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල, පස්සර සහ හාලිඇළ, මහනුවර දිස්ත්‍රික්කයේ මැද දුම්බර  අදියර 1 යටතේ විමසිලිමත් බවින් සිටින ලෙස නිවේදනයක් ද නිකුත් කර තිබේ.

Share post:

Popular

More like this
Related