මියන්මාර සයිබර් අපරාධ කඳවුරුවල රඳවා ගෙන සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට

Date:

මියන්මාර මිනිස් ජාවාරම්කරුවන්ගේ ග්‍රහණයේ සිටි කාන්තාවන් 08ක් ඇතුළු 27 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් අද (16) දිවයිනට පැමිණ තිබේ.

අද පස්වරුවේ බැංකොක් සිට කටුනායකට පැමිණි ශ්‍රීලංකන් ගුවන් යානයෙන් ඔවුන් දිවයිනට පැමිණි ඇත.

ඔවුන් පදිංචි ස්ථාන කරා ආරක්ෂිතව රැගෙන යාමට කටයුතු යොදා තිබුණු බව වාර්තා වෙයි.

මේ අතර තවත් 14 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් මියන්මාරයේ මිනිස් ජාවරම්කරුවන්ගේ ග්‍රහණයේ සිටින බවට වාර්තා වේ.

ඔවුන් ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු යොදන ලෙස පසුගිය දා අමාත්‍ය විජිත හේරත් මහතා උපදෙස් දී තිබුණි.

නව රජය පත් වීමෙන් පසු මියන්මාරයේ මිනිස් ජාවාරම් කඳවුරුවල සිර වී සිටි 63ක් දිවයිනට පැමිණ තිබේ.

මිනිස් ජාවාරම්වල ගොදුරු බවට පත් නොවීම සඳහා බලයලත් ක්‍රියා පටිපාටිවලට අනිවාර්යයෙන් අනුගත වන ලෙස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය විදේශ රැකියා අපේක්ෂාවෙන් සිටින අයගෙන් ඉල්ලා සිටී.

Share post:

Popular

More like this
Related