සාමාන්‍ය පෙළ පැවැත්වෙන දින නිවේදනය කෙරේ

Date:

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය මාර්තු මාසයේදී පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව අද (18) පස්වරුවේ නිවේදනය කළේය.

විභාග කොමසාරිස් ජනරාල් එච්. ජේ. එම්. සී. අමිත් ජයසුන්දර මහතා දන්වා සිටියේ, මෙවර සාමාන්‍ය පෙළ විභාගය 2025 වසරේ මාර්තු 17 වනදා සිට එම මස  26 වැනිදා දක්වා පැවැත්වීමට කටයුතු යොදා තිබෙන බවය.

එමෙන්ම මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා දුරකථන අංක හා විද්‍යුත් තැපෑල ලිපිනයක්ද විභාග දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දී ඇත.

සෘජු දුරකථන අංක      –  1911, 0112784208, 0112784537, 0112786616

ෆැක්ස් අංකය             –  0112784422

පොදු දුරකථන අංක    – 0112786200, 0112784201, 0112785202

විද්‍යුත් තැපැල් ලිපිනය  – [email protected]

Share post:

Popular

More like this
Related