ජර්මනියේ නත්තල් වෙළෙඳපොළක අනතුරක්

Date:

නැගෙනහිර ජර්මනියේ මැග්ඩෙබර්ග් නගරයේ නත්තල් වෙළෙඳපොළකට මෝටර් රථයක් ධාවන කිරීමෙන් සිදුවූ අනතුරකින් කුඩා ළමයෙකු ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.

විදෙස් වාර්තා සඳහන් කළේ අනතුරින් තවත් 60කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි.

ඊයේ (21) පස්වරුවේ පුද්ගලයෙකු මෝටර් රථයක් වෙළෙඳපොළ තුළට ධාවන කර මෙම අනතුර සිදුකර ඇති බව සඳහන්ය.

අනතුර සිදුකළ රියඳුරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු 50 හැවිරිදි සෞදි අරාබියානු ජාතිකයෙකු බවට අනාවරණය කරගෙන ඇත.

සැකකරු අදාළ මෝටර් රථය කුලියට ගෙන හිතාමතා මෙම අනතුර සිදුකර ඇති අතර, එය ත්‍රස්තවාදී ක්‍රියාවක් බව එරට පොලීසිය පවසයි.

Share post:

Popular

More like this
Related