තායිවාන පාර්ලිමේන්තුව කණපිට හරවයි

Date:

තායිවානයේ ප්‍රධාන විපක්ෂය වන ක්වාමින්ග්ටාන් පක්ෂය යෝජනා කළ නව කෙටුම්පතක් මුල් කරගෙන එරට පාර්ලිමේන්තුවේ නොසන්සුන් තත්ත්වයක් උද්ගතවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මතභේදයට තුඩු දී ඇති විපක්ෂයේ යෝජනා මගින් අධිකරණ පද්ධතියේ සංශෝධන මෙන්ම නුසුදුසු රජයේ නිලධාරීන් ධුරයෙන් පහකිරීම සම්බන්ධ නව නීති හඳුන්වාදී තිබුණි.

කෙසේ වුවද පාලක ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රගතිශීලි පක්ෂය පවසන්නේ යෝජිත නීති එරට ව්‍යවස්ථාවට පටහැනි බවය.

ඒ අනුව පාලක පක්ෂයේ මන්ත්‍රීවරුන් සභා ගර්භයට ඇතුළු වීම වැළැක්වීමට විපක්ෂය කටයුතු කර තිබුණි.

Share post:

Popular

More like this
Related