ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියා සූරියසේන ගේ අවසන් කටයුතු 27 වනදා

Date:

අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියා සූරියසේන මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු 27වන සිකුරාදා සිදුකිරීමට නියමිත බව ඒ මහතාගේ පුත් ලක්ෂිත සූරියසේන මහතා පැවසීය.

ඒ අනුව අවසන් කටයුතු 27වන සිකුරාදා බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකෙරෙනු ඇති.

දේහය හෙට (25) උදේ 8.30 සිට අංක 154/1 පාසල් මාවත, ගංගොඩවිල, නුගේගොඩ ප්‍රියා සූරියසේන මහතාගේ නිවසේ තැන්පත් කිරීමට නියමිතය.

26 වනදා සවස 2 සිට 5 දක්වා ජාතික ගුවන් විදුලි සංස්ථා පරිශ්‍රයේ තැන්පත් කෙරෙන ඒ මහතාගේ දේහය එදින සවස 6 සිට 27 වනදා සවස දක්වා බොරැල්ල ජයරත්න (රෙස්පෙක්‍ට්) ශාලාවේ මහජන ගෞරවය සඳහා තැන්පත් කිරීමට නියමිතය.

ඒ අනුව 27 වනදා සවස 4ට පමණ බොරැල්ල සුසාන භූමියේදී දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකිරීමට සැලසුම් කර තිබේ.

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා අද (24) උදෑසන අභාවප්‍රාප්ත විය. මිය යනවිට ඔහු 80 වැනි වියේ පසුවිය.

ලක්ෂිත සූරියසේන මහතා,

“අප්පච්චී ගැන තිබෙන මතක මේ වගේ කෙටි වෙලාවකින් කියන්න බැහැ. මට කිව්වා… ‘පුතේ… ජීවිතේ එක පාරයි මැරෙන්නේ. මං මැරෙන්න බයත් නැහැ.’ කියලා කිව්වා. කොවිඩ්වලට කලින් අප්පච්චී මමයි ගීතයක් ගායනා කළා. අප්පච්චිව මතක් කිරීමක් ලෙස මම ඉක්මනින්ම ඒ ගීතය එළිදක්වන්න බලාපොරොත්තු වෙනවා.”

Share post:

Popular

More like this
Related