පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සිසුන් ඇතුළු මහා ශිෂ්‍ය සංගමයේ සිසුන් මේ මොහොතේ මහනුවර – කොළඹ ප්‍රධාන මාර්ගයේ විශ්ව විද්‍යාලය ඉදිරිපිට ගලහා මංසන්ධියේ දැවැන්ත උද්ඝෝෂණයක යෙදී සිටිනවා.
මේ සමග පේරාදෙණිය පොලිසිය විසින් එක මං තීරුවක් වසා දැමීමට කටයුතු කර තිබෙනවා.
ඒ හේතු වෙන දැඩි රථ වාහන තදබදයක් මේ අවස්ථාවේ මතුව ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.
කොතලාවල විශ්විද්‍යාලය මගින් වෛද්‍ය උපාධිය මුදලට විකිණීමට එරෙහිව මේ විරෝධය දක්වන බවයි එම සිසුන් පවසන්නේ.
රජයේ වෛද්‍ය පීඨ සඳහා වෙන්කර තිබූ රෝහල් පෞද්ගලික අංශයේ විශ්විද්‍යාල වලට ලබාදීමට විරෝධය දක්වමින් සහ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලට එරෙහිව මෙම විරෝධය පවත්වන බවයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහ ශිෂ්‍ය සංගමයේ සභාපති රසුල් බණ්ඩාර පවසන්නේ.
