“ක්ලීන් ශ්‍රී ලංකා” ශ්‍රි පාද වන්දනාකරුවන්ගේ වාහන හදිසියේම පරික්ෂා කරයි

Date:

ක්ලීන් ශ්‍රි ලංකා වැඩසටහනට සමගාමීව දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් ශ්‍රී පාද වන්දනාකරුවන් රැගෙන එන වාහන සහ මස්කෙලිය සිට නල්ලතන්නිය දක්වා ධාවනය කරන මගී ප්‍රවාහන බස් රථ, වෑන් රථ නල්ලතන්නිය පොලිසියේ නිලධාරින් විසින් අද (03) හදිසි පරීක්ෂාවට ලක්කර තිබෙනවා.

මෙම පරීක්ෂාවේදී වාහන වල මගින්ට අනතුරු සිදුවිය හැකි අන්තරාදායක ලෙස සවිකර තිබු අමතර කොටස් ගලවා ඉවත් කිරිමටත්, අත් තිරිංග, සංඥා ලාම්පු, ප්‍රධාන ලාම්පු ඇතුළු මොටර් රථ අඥා පනතේ වාහනයක් ධාවනය කිරීමට පනවා ඇති කරුණු 21 ක් කෙරෙහි මෙම පරීක්ෂාවේදී අවධානය යොමු කළ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අඩු පාඩුකම් සහිත වාහන කිහිපයක් පොලිස් අවධානයට යොමු වූ අතර, එම අඩුපාඩුකම් සපුරා ගැනීමට රියදුරන්ට දින 14ක කාලයක් ලබාදුන් අතර, එම කාලය අතරතුර එම වාහන ධාවනය කිරිම සම්පුර්ණයෙන්ම තහනම් කරමින් වාහන වල අදායම් බල පත්‍රය පොලිස් භාරයට ගෙන තිබෙනවා.

ශ්‍රී පාද වන්දනාකරුවන් ප්‍රවාහනය කල වාහන වල අඩුපාඩුකම් සපුරාගෙන ඔවුන් පදිංචි පොලිස් බල ප්‍රදේශයේ පොලිස් ස්ථානයේ රථ වාහන අංශයේ නිලධාරින් වෙත ඉදිරිපත් කර එහි වාර්තාවක් නල්ලතන්නිය පොලිසිය වෙත යොමු කරන ලෙසත්, එම වාර්තාව ලැබෙන තෙක් එම වාහන වල ද ආදායම් බල පත්‍රය නල්ලතන්නිය පොලිස් භාරයට ගත් බවද සඳහන්

Share post:

Popular

More like this
Related