අමෙරිකාවේ ලොක්කෙක් ඉන්දියාවට

Date:

අමෙරිකාවේ ජාතික ආරක්ෂක උපදේශක හෙට (05) ඉන්දියාවට පැමිණීමට නියමිතව තිබේ.

ඒ දෙදින නිල සංචාරයක් සඳහාය.

සිය ඉන්දීය සංචාරයේදී ඔහු ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් සහ අනෙකුත් ඉහළ රාජ්‍ය නිලධාරීන් හමුවීමට ද නියමිත ය.

එහිදී  කලාපීය සහ ගෝලීය ගැටලු පිළිබඳ පුළුල් පරාසයක සාකච්ඡා වට කිහිපයක් පැවැත්වෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

එමෙන්ම අමෙරිකාවේ ජාතික ආරක්ෂක උපදේශක ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජ‍යශංකර් හමුවීමටද සැලසුම් කර ඇත.

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් සිය ධූරයෙන් නික්ම යෑමට පෙර බයිඩන් පරිපාලනයේ නිලධාරියෙකු විසින් ඉන්දියාවේ සිදු කරන ලද අවසාන ඉහළ පෙළේ සංචාරය මෙය වනු ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Share post:

Popular

More like this
Related