ප්‍රදේශ කිහිපයකට නායයාමේ අනතුරු ඇඟවීමක්

Date:

ප්‍රදේශ කිහිපයක් සඳහා නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ පණිවිඩයක් නිකුත් කර තිබේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ අද (13) පස්වරු 4 සිට හෙට පස්වරු 4 දක්වා මෙම අනතුරු ඇඟවීම ක්‍රියාත්මක බවය.

ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ වැලිමඩ, පස්සර, හාලිඇල, බදුල්ල මහනුවර දිස්ත්‍රික්කයේ මැදදුම්බර, පාතදුම්බර, උඩුදුම්බර, කුරෑණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම, මාතලේ දිස්ත්‍රික්කයේ උකුවෙල, රත්තොට, නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ, හඟුරන්කෙත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර තිබේ.

Share post:

Popular

More like this
Related