තෛපොංගල් දිනයට විපක්ෂ නායකගෙන් සුබ පැතුම්

Date:

සුපිළිපන් සමාජයක් වෙනුවෙන් කෘත ගුණ සැලකීම ප්‍රගුණ කරමු යැයි තෛපොංගල් දිනයට සුබ පැතුම් එක් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කරනවා.

බහු ආගමික, බහු ජාතික සහ බහු භාෂාමය ජන සමාජයක් ඇති අපගේ මාතෘ භූමියේ විවිධත්වයෙන් එකමුතුවට මඟ පාදන තවත් ජාතික උත්සවයක් ලෙස සියලු දෙනා එක්ව තෛපොංගල් උත්සවය සැමරීමට කටයුතු කිරීම අපගේ සංස්කෘතික උරුමය සුරැකීමට හේතුවක් ද වනු ඇත. එබැවින් වසර දහසකට වඩා ඉතිහාසයකට දිවෙන තෛපොංගල් උලෙළ සමරන ශ්‍රී ලංකාවාසී සහෝදර සහෝදරියන්ට ඉමහත් සතුටින් සුබ පැතුම් එක් කරන බව විපක්ෂ නායකවරයා සිය සුබ පැතුම් පණිවිඩයෙන් සඳහන් කරනවා.

එමෙන්ම, රටක ජනතාව වෙනුවෙන් වගකීම භාරගත් පාලක පක්ෂයට ජනතා වගකීම් ඉටු කිරීම යනු තමා වෙත එම බලය පැවරූ ජනතාවට පුද කරන කෘතවේදීත්වයක් සහ වගවීමක් ලෙස හඳුනා ගැනීමට කෛපොංගල් උත්සවයේ යටි පෙළ නිවැරදිව කියවා ගැනීමෙන් හැකියාව ලැබෙනු ඇති බවයි සුබ පැතුම් පණිවිඩයේ වැඩිදුරටත් සඳහන්

Share post:

Popular

More like this
Related