ප්‍රදේශ කිහිපයක් සඳහා නායයාම් අනතුරු ඇඟවීමේ නිවේදනයක්

Date:

නායයාම් සම්බන්ධව පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.

එම සංවිධානය පැවසුවේ අද (14) පස්වරු 4.00 සිට හෙට පස්වරු 4.00 දක්වා මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය ක්‍රියාත්මක බවය.

ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ හාලිඇල, බදුල්ල, වැලිමඩ, සහ පස්සර මහනුවර දිස්ත්‍රික්කයේ මැදදුම්බර, උඩුනුවර, පාතදුම්බර, කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම, මාතලේ දිස්ත්‍රික්කයේ රත්තොට, උකුවෙල, නුවරඑළිය දිස්ත්‍රික්කයේ හඟුරක්කෙත, වලපනේ යන ප්‍රාදේශීය ලෙකම් කොට්ඨාස සඳහා මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය බලපැවැත්වෙනු ඇත.

Share post:

Popular

More like this
Related