ආරුගම්බේ ත්‍රස්ත ප්‍රහාර සිද්ධියේ සැකකරුවන් රිමාන්ඩ්

Date:

පසුගියදා ආරුගම්බේ ප්‍රදේශයේ ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට ලැබුණු තොරතුරු සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් තුන්දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

මෙම සැකකරුවන් අතරට මාලදිවයින් ජාතිකයකුද ඇතුළත් වේ.

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය අධිකරණයට දැනුම් දුන්නේ මෙම සැකකරුවන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කරන බවය.

මෙම සැකකරුවන් සම්බන්ධයෙන් ගත යුතු නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳව නීතිපතිවරයාගෙන් උපදෙස් ඉල්ලා තිබෙන බවත් නීතිපති උපදෙස් ලැබෙන තෙක් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම පිළිගත් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අදාළ සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කළේය.

Share post:

Popular

More like this
Related