මුහුණට මුහුණ ගැටී බස් අනතුරක්

Date:

මාතර – තංගල්ල ප්‍රධාන මාර්ගයේ ගන්දර තලල්ල ප්‍රදේශයේදී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව තිබේ.

ඇඹිලිපිටිය  සිට මාතර දක්වා සහ මාතර සිට තංගල්ල දක්වා ධාවනය වූ බස් රථ දෙකක් මෙලෙස අනතුරට පත්ව ඇත.

අනතුරින් පුද්ගලයින් 35කට අධික පිරිසක් තුවාල ලබා ඇතැයිද සඳහන්.

තුවාලකරුවන් අතුරින් 29 දෙනෙකු ගන්දර රෝහලටත් තවත් පුද්ගලයින් 6 දෙනෙකු මාතර රෝහලටත් ඇතුළත් කර ඇති බවද වාර්තා වේ.

Share post:

Popular

More like this
Related