ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු නිකුත් කෙරේ

Date:

2024 වසරේ පැවැත් වූ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ එක් එක් දිස්ත්‍රික්ක අනුව කඩයිම් ලකුණු විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

ඒ අනුව සිංහල මාධ්‍යයෙන් පෙනී සිටි සිසුන්ගේ ඉහළම කඩඉම් ලකුණ 143 වේ.

එය කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ, ගාල්ල, මාතර, කුරුණෑගල, කෑගල්ල දිස්ත්‍රික්ක සඳහා අදාළ වේ.

එමෙන්ම දෙමළ මාධ්‍යයෙන් පෙනී සිටි සිසුන්ගේ ඉහළම කඩඉම් ලකුණ 141 වේ.

එය කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ, ගාල්ල, මාතර, කුරුණෑගල හා කෑගල්ල දිස්ත්‍රික්කවලින් පෙනී සිටි සිසුන් සඳහා අදාළ වේ.

Share post:

Popular

More like this
Related