යෝෂිත අද යළි අධිකරණයට

Date:

මුදල් විශුද්ධි කරණ චෝදනාව යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින යෝෂිතරාජපක්ෂ අද (27) යළිත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ මුදල් විශුද්ධි කරණ චෝදනාව යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ පෙරේදා උදෑසනයි.

බෙලිඅත්ත අධිවේගී පිවිසුම අසළදී අත්අඩංගුවට ගත් යෝෂිත රාජපක්ෂ කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට රැගෙනවිත් තිබුණා.

පැය 4ක පමණ කාලයක් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව කොළඹ අලුත්කඩේ අංක 05 අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි හමුවට ඉදිරිපත් කිරීමේ අනතුරුව අද දක්වා රිමාන්ඩ් කිරිමටයි මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ.

 

Share post:

Popular

More like this
Related