ජීවිත 20ක් බිලිගත් බිහිසුණු ගුවන් අනතුර

Date:

දකුණු සුඩානයේ සිදුවූ ගුවන් අනතුරකින් පුද්ගලයින් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

කම්කරුවන් පිරිසක් රැගත් කුඩා ගුවන් යානයක් ගුවන් ගත වීමේ දී මෙලෙස කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එහිදි එම යානයේ සිටි එක් අයෙකු පමණක් දිවි බේරාගෙන ඇති අතර අනෙකුත් පුද්ගලයින් ජීවිතක්ෂයට පත්ව ඇත.

මියගිය පුද්ගලයින් අතර විදෙස් ජාතිකයින් පස්දෙනෙකු ද වන බව සඳහන් වේ.

කෙසේවෙතත් අනතුරට හේතුව මෙතෙක් නිශ්චිත වශයෙන් වාර්තා වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Share post:

Popular

More like this
Related