ජර්මනියේ බිහිසුණු සිද්ධියක්

Date:

ජර්මනියේ මියුනික් හිදී විරෝධතාවක නිරත වෙමින් සිටි පිරිසක් අතරට සිතාමතා මෝටර් රථයක් ධාවනය කිරීමෙන් සිදුකළ අනතුරකින් පුද්ගලයින් 28දෙනෙකු තුවාල ලබා තිබේ.

කෙසේ වුවද අනතුරින් සිදුවී ඇති ජීවිත හානි පිළිබඳව මෙතෙක් වාර්තා වී නොමැත.

අනතුරට ලක්වූ පිරිස අතර කම්කරු වෘත්තිය සමිති විරෝධතාවකට එක්වූ පිරිසක් ද වන බව වාර්තා වෙයි.

අනතුර පිළිබඳව නිශ්චිත වැඩිදුර තොරතුරු මෙතෙක් වාර්තා වී නොමැති අතර සැකකරුවන් දෙදෙනකු පිළිබඳව අනතුර සියැසින් දුටු පිරිස් කරුණු පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එමෙන්ම මෝටර් රථයේ රියදුරු ලෙස පැවසෙන අයෙක් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වෙයි.

විදෙස් මාධ්‍ය තවදුරටත් වාර්තා කරන්නේ අත්අඩංගුවට ගෙන ඇති සැකකරු 24 හැවිරිදි ඇෆ්ගනිස්තාන ජාතික සරණාගතයෙකු බවය.

මෙම නගරයේදී ඉහළ පෙළේ ආරක්ෂක සමුළුවක් ද පැවැත්වීමට නියමිතව තිබියදී මෙම සිද්ධිය වාර්තා වී ඇති අතර අදාළ සමුළුව සඳහා අමෙරිකානු උප ජනාධිපති සහ යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි ද එක්වීමට නියමිතව සිටි බවත් වාර්තා වෙයි.

Share post:

Popular

More like this
Related