කැනඩාවේ ටොරොන්ටෝහී දී ගුවන් යානයක් පෙරළෙයි

Date:

කැනඩාවේ, ටොරොන්ටෝ පියර්සන් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගොඩබෑම සඳහා පැමිණි ගුවන් යානයක් අනතුරට ලක්ව තිබේ.

අදාළ ගුවන් යානය ගොඩබෑමට යාමේදී හිම කුණාටුවකට හසුවීමෙන් නියමුවන්ට එය පාලනය කර ගැනීමට නොහැකිව ගුවන් පථය තුළ පෙරළී ගොස් එම අනතුර සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා ක‍ළේය.

අනතුරින් ගුවන් යානයේ සිටි මගීන් 17 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඉන් තිදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව සඳහන්ය.

අනතුර සිදුවන අවස්ථාවේ මගීන් 76 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ සිව් දෙනෙකු සිට ඇති බව වාර්තා වෙයි.

ඩෙල්ටා ගුවන් සේවයට අයත් අදාළ යානය කැනඩාවේ මිනියාපෝලිස් ගුවන් තොටුපොළේ සිට ටොරොන්ටෝ – පියර්සන් ගුවන් තොටුපොළ දක්වා ගමන් කර තිබු බව සඳහන්ය.

Share post:

Popular

More like this
Related