මිද්දෙණිය ත්‍රිත්ව ඝාතනයට තවත් අයෙක් අත්අඩංගුවට

Date:

මිද්දෙණිය ත්‍රිත්ව ඝාතනය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (22) සවස් කාලයේ එම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණේ වීරකැටිය පොලිස් වසමේ තෙලඹුයාය ප්‍රදේශයේදීය.

තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.

අත්අඩංගුවට ගත් සැකකරු තෙලඹුයාය, වෑකඳවල ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙකි.

ඉකුත් 18වනදා සිදුකළ මෙම වෙඩිතැබීමෙන් අරුණ විදානගමගේ හා ඔහුගේ දරුවන් දෙදෙනා ඝාතනය විය.

ඒ අනුව මෙම අපරාධයට අදාළව මේ දක්වා සැකකරුවන් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි

සිද්ධිය සම්බන්ධයෙන් මිද්දෙණිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Share post:

Popular

More like this
Related