පොලිස් අණ නොතැකූ මෝටර් රථයට වෙඩි

Date:

මාලඹේ පොලිස් වසමේ, හෝකන්දර, විස්කම් මාවත ප්‍රදේශයේ දී පොලිස් අණ නොතකා ධාවනය වූ මෝටර් රථයකට පොලීසියෙන් වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ.

ඊයේ (23) රාත්‍රියේ මාලඹේ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකරන අතර තුර මෝටර් රථයක් නැවැත්වීමට සංඥා කර ඇත.

එහිදී අදාළ මෝටර් රථය එක්වරම පිටුපසට ධාවනය කර ඇති අතර, එම අවස්ථාවේ පොලිස් නිලධාරියෙකු විසින් මෝටර් රථයේ රෝදයකට වෙඩි තබා තිබේ.

එහිදී මෝටර් රථය අසල විදුලි කණුවක ගැටී නතර වී ඇති රත, අනතුරව පොලිස් නිලධාරීන් විසින් සිදුකළ පරීක්ෂාවේ දී රියදුරු අසුන යට සඟවා තිබූ කේරළ ගංජා කිලෝ 01 ග්‍රෑම් 800ක් සොයාගෙන ඇත.

එම මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ අවුරුදු 30 ක් වූ සැකකරු හා 33 හැවිරිදි සැකකාරිය පසුව අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් දෙල්ගොඩ ප්‍රදේශයේ පදිංචි අඹුසැමි යුවළක් බව පොලීසිය පැවසීය.

සිදුකළ වැඩිදුර විමර්ශනයේදී සැකකරුවන් පදිංචිව සිටින නිවසේ තිබී තවත් කේරළ ගංජා කිලෝ 01ක් පමණ ප්‍රමාණයක් හා ජාවාරම සඳහා යොදා ගත් තරාදියක් සොයාගෙන ඇත.

මාලඹේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Share post:

Popular

More like this
Related