විදෙස් සංචිත ඉහළට

Date:

ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් වටිනාකම 2025 පෙබරවාරි මාසය අවසන් වන විට එක්සත් ජනපද ඩොලර් මිලියන 6,095 ක් දක්වා සුළු වශයෙන් ඉහළ ගොස් තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම දත්ත වාර්තා ඒ බව අනාවරණය කරයි.

2025 ජනවාරි මාසය අවසන් වන විට මෙම අගය ඩොලර් මිලියන 6,065 ක් ලෙසින් වාර්තා වූ අතර ඒ අනුව නිල සංචිත වත්කම් හි 0.5% ක සුළු වර්ධනයක් පෙබරවාරි මාසයේදී දැකගත හැකිය.

මේ අතර නිල සංචිත වත්කම් තුළ අන්තර්ගත ප්‍රධාන සංරචකය වන විදේශ විනිමය සංචිතය ඩොලර් මිලියන 5,986 සිට ඩොලර් මිලියන 6,031 ක් දක්වා 0.7% කින් 2025 පෙබරවාරි මාසය තුළ දී ඉහළ ගොස් ඇත.

Share post:

Popular

More like this
Related