මහනුවර සිට හැටන් දක්වා ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් හැටන් කුයිල්වත්ත ප්‍රදේශයේදී අඩි 30ක පමණ ප්‍රපාතයකට පෙරලී ගොස් තිබේ.
අද (15) පස්වරු 04ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර අනතුරට පත්වන අවස්ථාවේදී මෝටර් රථයේ රියදුරු පමණක් හිඳ ඇති බවත් පොලීසිය පැවසීය.
අනතුරින් රියදුරු කිසිදු තුවාලයක් නොමැතිව බේරි ඇතත් මෝටර් රථයට දැඩි හානි සිදුව තිබේ.
පොලීසිය සැක පළ කරනුයේ මෝටර් රථයේ ඇති වූ හදිසි කාර්මික දෝෂයක් මෙම අනතුරට හේතුව වන්නට ඇති බවය.
