ශ්‍රී ලංකා – නවසීලන්ත කාන්තා තෙවන 20යි 20 තරගය අතහැර දමයි

Date:

සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ නවසීලන්ත කාන්තා කණ්ඩායම අතර තෙවන සහ අවසන් 20යි විස්ස තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දමා තිබේ.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව නවසීලන්ත කාන්තා කණ්ඩායමට ලබාදුනි.

ඒ අනුව ඔවුන් පන්දුවාර 14යි එක්පන්දුවක් තුළ කඩුලු 3ක් දැවී ලකුණු 101ක් ලබා සිටිය දී තරගයට වර්ෂාවෙන් බාදා එල්ල විය.

පසුව වර්ෂාව හේතුවෙන් තරගය අතහැර දැමීමට තරග තීරකයින් තීරණය කර තිබේ.

ඒ අනුව තරග තුනකින් සමන්විත දෙරට අතර 20යි 20 ක්‍රිකට්  තරගාවලිය එකට එකක් ලෙස ජය පරාජයකින් තොරව අවසන් වුණි.

Share post:

Popular

More like this
Related