ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා !

Date:

2025 සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද අද (14) පූර්වභාග 03.21ට යෙදී තිබූ සුබ මොහොතින් උදාවිය.

ආහාර පිසීමේ නැකත යෙදී තිබෙන්නේ පූර්වභාග 04.04 ටය.

තඹ වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ, ගිනි මොළවා කිරිබතක් හා කැවිලි වර්ගයක්ද දීකිරි සහ විලඳ ද පිළියෙල කරගැනීම යහපත් බව නැකැත් සීට්ටුවේ සඳහන් වෙයි.

මෙවර වැඩ ඇල්ලීම ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය යෙදී ඇත්තේ අද පූර්වභාග 06.44 ටය.

මුතු හා ශ්වේත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභවය කළ යුතු බව නැකැත් සීට්ටුවේ සඳහන්ය.

Share post:

Popular

More like this
Related