පළාත් පාලන ආයතන 100 ක ප්‍රතිඵල නිකුත් වෙයි

Date:

පළාත් පාලන මැතිවරණයේ මේ වනවිට පළාත් පාලන ආයතන 100 ක ප්රතිඵල නිකුත් වී තිබෙනවා.

එම ප්රතිඵල අනුව ඡන්ද 1,074,091 ක් ලබා ගනිමින් ජාතික ජන බලවේගය ඉදිරියෙන් සිටින අතර සමගි ජන බලවේගය ඡන්ද 492,014 ක් ලබා ගනිමින් දෙවන ස්ථානයේත් ශ්රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 237,052 ක් ලබා ගනිමින් තෙවන ස්ථානයේ රැඳී සිටිනවා.

එම නිකුත් වී ඇති පළාත් පාලන ආයතන 100 අතුරින් පළාත් පාලන ආයතන 79 ක බලය තහවුරු කර ගැනීමට ජාතික ජන බලවේගය සමත්වී ඇති අතර ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂය පළාත් පාලන ආයතන 15 ක, සමස්තලංකා දෙමල කොංග්රසය පළාත් පාලන ආයතන 2 ක, හපුතලේ නගර සභාවේ ස්වාධීන කණ්ඩායම 01,ජාතික කොංග්රසය, සමගි ජන බලවේගය, ශ්රී ලංකා මුස්ලිම් කොංගසය පළාත් පාලන ආයතන එක බැඟින් බලය පිහිටුවීමට සමත්වී තිඛෙනවා.

Share post:

Popular

More like this
Related