නුවරඑළියේ බස් රථයක් පෙරළී අනතුරක්

Date:

නුවරඑළිය – මහනුවර මාර්ගයේ ටොප්පාස් ප්‍රදේශයේදී නුවරඑළිය දෙස සිට මහනුවර දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරලී ගොස් ඊයේ (23) රාත්‍රියේ අනතුරක් සිදුව ඇත.

පොලීසිය සඳහන් කළේ, අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ රියදුරු ඇතුළු පුද්ගයින් 54 දෙනෙකු ගමන්කර ඇති බවයි.

ඉන් රියදුරු හා කොන්දොස්තර ඇතුළු පිරිමි පුද්ගලයින් 03ක් හා කාන්තාවන් 20 දෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා නුවරඑළිය රෝහලට ඇතුලත් කර ඇත.

මෙම බස් රථයේ ගමන්ගත් පිරිස විනෝද චාරිකාවක් සඳහා කුරුණෑගල ප්‍රදේශයේ සිට බදුල්ල ප්‍රදේශයට ගොස්, නැවත ආපසු යමින් සිටයදී මෙම අනතුරට මුහුණපා තිබේ.

ඔවුන් කුරුණෑගල, කිරිවවුල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවටත් අනාවරණය වී ඇත.

නුවරඑළිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Share post:

Popular

More like this
Related