ඉරානයෙන්, ඊශ්‍රායලයට බැලැස්ටික් මිසයිල ප්‍රහාර

Date:

ඉරානය  , ඊශ්‍රායලයේ ටෙල් අවීව් නුවරට බැලස්ටික් මිසයිල ප්‍රහාරයක් අද (14) අලුයම එල්ල කර තිබේ.

ඊශ්‍රායල මාධ්‍ය උපුටා දක්වමින් විදෙස් වාර්තා පැවසුවේ, ප්‍රහාරයෙන් පුද්ගලයින් 40 පමණ තුවාල ලබා ඇති බවයි.

ඊශ්‍රායලය ඊයේ (13) එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර ලෙස , එරට හමුදා මධ්‍යස්ථාන සහ ගුවන් කඳවුරු ඉලක්ක කරමින් මිසයිල ප්‍රහාර 100ක් පමණ එල්ල කළ බව ඉරානය තහවුරු කර තිබේ.

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ඉරානයට එරෙහි ‘ඔපරේෂන් රයිසින් ලයන්’ පිළිබඳ ප්‍රකාශයක් සිදුකරමින් පැවසුවේ, අපට එරෙහි න්‍යෂ්ටික සහ බැලස්ටික් මිසයිල තර්ජනය මැඩපැවැත්වීම තම රට ඉරානයට එල්ල කළ ප්‍රහාරවල අරමුණ බවයි.

මේ අතර ඊශ්‍රායල අගනුවර වන ජෙරුසලමේ ද අනතුරු ඇඟවීමේ සයිරන් නාද කර තිබේ.

නිව්යෝර්ක්හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල රැස්වීමකට එක්වෙමින් ඉරානයේ නියෝජිත අමීර්-සයිඩ් ඉරාවානි පැවසුවේ, ඊශ්‍රායලය ඊයේ (13) එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 78 දෙනෙකු මියගොස් ඇති බවයි.

තුවාල ලැබූ සංඛ්‍යාව 320කට අධික බව සඳහන්.

ඊශ්‍රායලයේ ම්ලේච්ඡ ප්‍රහාර , ඉරානයේ න්‍යෂ්ටික පහසුකම්, සිවිල් යටිතල පහසුකම් සහ නේවාසික ප්‍රදේශ ඉලක්ක කර ගත් බව ද ඔහු පැවසුවේය.

ඊයේ අළුයම ඊශ්‍රායලය, ඉරානයේ ටෙහෙරාන් අගනුවර ඇතුළු ප්‍රදේශ රැසකට ගුවන් ප්‍රහාර එල්ල කිරීමත් සමග මෙම ගැටුම ආරම්භ විය.

Share post:

Popular

More like this
Related