2024 ජනාධිපතිවරණය සඳහා ඇප තැන්පත් කළ පිරිස 22 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අද (07) දින තවත් සිව් දෙනෙකු ඇප තැන්පත් කිරීමත් සමඟයි.
ඒ අනුව පිළිගත් දේශපාලන පක්ෂවලින් 11 දෙනෙකු ඇප තැන්පත් කර ඇති බවයි, මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ.
වෙනත් දේශපාලන පක්ෂයකින් එක් අයෙක් සහ ඡන්දහිමියකු විසින් නාමයෝජනා කළ අපේක්ෂකයින් සංඛ්‍යාව 10ක් බවයි, එම කොමිෂන් සභාව සඳහන් කළේ.

