හිටපු ක්‍රිකට් නායක මොර්ටාසාගේ නිවෙසත් ගිනිබත්

Date:

බංග්ලාදේශයේ අගමැතිනියගේ නිල නිවෙස විරෝධතාකරුවන් විසින් වට කරනු ලැබීමේ අවස්ථාවේදී කුල්නා පළාතේ පිහිටි ඇගේ සමීපතම දේශපාලන සගයකු වන බංග්ලාදේශයේ හිටපු ක්‍රිකට් නායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී මෂ්රාෆි මොර්ටාසාගේ නිවෙසට ද විරෝධතාකරුවන් විසින් ගිනි තබනු ලැබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

හසීනාගේ අවාමි ලීග පක්ෂය නියොජනය කරමින් අඛණ්ඩව දෙවැනි වරටත් පාර්ලිමේන්තුවට තේරී පත් වූ මොර්ටාසාගේ නිවෙසට ගිනි තැබූ මොහොතේදී ඔහු ඇතුළු පවුලේ සාමාජිකයන් එහි නොසිටි බවත්, ඔවුන් ඒ වන විටත් ආරක්ෂිත ස්ථානයක් කරා ගොස් සිටි බවත් වැඩිදුරටත් වාර්තා වේ.

Share post:

Popular

More like this
Related