ඇසළ පෙරහැර වෙනුවෙන් විශේෂ බස් රථ සේවාවක්

Date:

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය වෙනුවෙන්, ලබන 14 වැනිදා සිට 19 වැනිදා දක්වා දිවා රාත්‍රී සේවා ලෙස විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය කටයුතු කර තිබේ.

ඒ අනුව, මහනුවර දිස්ත්‍රික්කය ආවරණය වන පරිදි බස් රථ 438 ක් යෙදවීමටයි, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය කටයුතු සූදානම් කර ඇත්තේ.

මීට අමතරව අනුරාධපුරය, පොළොන්නරුව, කුරුණෑගල, කෑගල්ල, කොළඹ, ගම්පහ, නාවලපිටිය, ගම්පොල වැනි ප්‍රදේශවල සිට තවත් අතිරේක බස් රථ 100ක් යෙදවීමට ද සැලසුම් කර තිබෙන බව වාර්තා වේ.

Share post:

Popular

More like this
Related