ජනාධිපතිවරණයට අපේක්ෂකයින් 40ක්

Date:

2024 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 40 දෙනෙකු සඳහා ඇප තැන්පත් කර තිබේ.

ජූලි මස 26වන දින ආරම්භ වු ජනාධිපතිවරණයට අදාළව ඇප මුදල් භාර ගැනීමේ කටයුතු අද (14) මධ්‍යාහ්න 12.00ට අවසන් විය.

හෙට (15) පෙරවරු 9.00 සිට පෙරවරු 11.00 දක්වා ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා භාර ගැනීම සිදු කෙරේ.

එම කාලසීමාව ඇතුළත මැතිවරණ කොමිෂන් සභාව පිහිටි සරණ මාවත ආශ්‍රිත ප්‍රදේශය විශේෂ ආරක්ෂක කලාපයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති අතර, ඒ ආශ්‍රිත මාර්ගවල විශේෂ රථවාහන සැලැස්මක් ද ක්‍රියාත්මකය.

එමෙන්ම, විරෝධතා ඉදිරිපත් කිරීමට පෙරවරු 9.00 සිට 11.30 දක්වා අවස්ථාව ලබා දී ඇති බව ද කොමිෂන් සභාව ප්‍රකාශ කරයි.

 

Share post:

Popular

More like this
Related