දේශපාලනඥයින් බල කඳවුරු මාරු කළ ද ජනතාව එලෙස එකතු වන බවක් පෙනී නොයන බව මව්බිම ජනතා පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි.
එම පක්ෂයේ ආසන සංවිධායකවරුන්ට පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ අවස්ථාවට අද (14) එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.
මව්බිම ජනතා පක්ෂයේ හාලිඇල, හපුතලේ, වියලුව, නෝර්වුඩ්, ආගරපතන සහ වැලිමඩ යන බලප්‍රදේශවල ආසන සංවිධායකවරුන්ට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී මෙලෙස අද සිදුකෙරුණේ පක්ෂ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ ප්‍රධානත්වයෙනි.
එහිදී අදහස් දැක්වූ මව්බිම ජනතා පක්ෂයේ නායක ව්‍යවාසයක දිලිත් ජයවීර මහතා,
“දැන් නායකයින් අර පක්ෂයට යනවා… මේ පක්ෂයට යනවා. නමුත් ප්‍රාදේශීය දේශපාලකයින් කිහිපදෙනෙකු හැරුණුවිට මහ පොළොවේ මිනිස්සු මුහුවන බවක් පෙන්නේ නැහැ.”
මේ අතර, මව්බිම ජනතා පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් ලිය බල කාන්තා බලමුළුව කොළඹ නව නගර ශාලාවේදී අද පැවැත්වුණි.
