ලංකා T10 තරගාවලියට දින නියම වෙයි: කණ්ඩායම් පහක් එකිනෙක ගැටීමට සූදානමින්

Date:

ලංකා T10 තරගාවලිය ලබන 16 වනදා ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

ඒ සඳහා කොළඹ, නුවර, ගාල්ල, යාපනය සහ දඹුල්ල කණ්ඩායම් තරග වදින බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ.

කොළඹ කණ්ඩායමේ නායකත්වය චරිත් අසලංක හට හිමිව ඇති අතර දඹුල්ල කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ භානුක රාජපක්ෂ විසින්.

ගාල්ල කණ්ඩායමේ නායකත්වය දුනිත් වෙල්ලාගේටත් නුවර කණ්ඩායමේ නායකත්වය නිරෝෂන් දික්වැල්ලටත් යාපනය කණ්ඩායමේ නායකත්වය ජනිත් ලියනගේටත් හිමිව තිබෙනවා.

ලබන 16 වැනිදා සිට 18 වැනිදා දක්වා මෙම තරග තර්ස්ටන් සහ කොළඹ බ්ලූම් ෆීල්ඩ් ක්‍රීඩාංගණවල පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහන් පළමු ස්ථාන දෙක දිනා ගන්නා කණ්ඩායම් අවසන් මහා තරගයට ක්‍රීඩා කරනු ඇති.

කණ්ඩායම් පහ මෙන්න

Share post:

Popular

More like this
Related