කාලගුණයෙන් ඉදිරි පැය 36 ගැන නිවේදනයක්

Date:

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ඇති වූ ගැඹුරු පීඩන අවපාතය හමුවේ උතුර, බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු මැද යන පළාත් වලට තවදුරටත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. ඉදිරි පැය 36 සඳහා නිවේදයක් නිකුත් කරමිනුයි කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව මේ බව සදහන් කළේ. පීඩන අවපාතය, ෆෙන්ගල් සුළි කුණාටුව නමින් අසල් වැසි ඉන්දියාවේ තමිල්නාඩුව වෙත ඊයේ රාත්‍රියේ ඇතුලූ වූ අතර ඉන් වැඩිම බලපෑමක් පුදු චෙරි ප්‍රදේශයට එල්ල වුණා.මේ අනුව අදාළ ප්‍රදේශයට මිලිමීටර් 484ක වර්ෂාපතනයක් පතිත වී තිබූ බවයි ඉන්දීය කාලගුණ වාර්තා සඳහන් කළේ මේ වනවිට පුදුවෙරි ප්‍රදේශයට ගංවතුර තත්ත්වයක් ඇතිව තිබෙන අතර, නිවාස යට වී, ප්‍රවාහන සේවා ද අඩාල වී තිබෙනවා. කෙසේ වෙතත් හෙට දිනයේ තමිල්නාඩුවට තද වැසි ඇති විය හැකි බවට එරට කාලගුණ අංශ අනතුරු අඟවා තිබෙනවා.

මේ වනවිට පුදුවෙරි ප්‍රදේශයට ගංවතුර තත්ත්වයක් ඇතිව තිබෙන අතර, නිවාස යට වී, ප්‍රවාහන සේවා ද අඩාල වී තිබෙනවා. කෙසේ වෙතත් හෙට දිනයේ තමිල්නාඩුවට තද වැසි ඇති විය හැකි බවට එරට කාලගුණ අංශ අනතුරු අඟවා තිබෙනවා. මේ අතර දිවයිනේ පැවති අයහපත් කාල ගුණයෙන් දිස්ත්‍රික්ක 24කටම බලපෑම් එල්ල වී ඇති අතර සිදුවු පුද්ගල මරණ සංඛ්‍යාව 17ක්. පුද්ගලයින් 469,910 දෙනෙකු තවදුරටත් පීඩාවට පත්ව සිටින අතර, ආරක්ෂිත ස්ථාන 229ක තව දුරටත් පුද්ගලයින් සංඛ්‍යාව 27,517ක් රඳවා සිටින බවයි ආපදා කළමනා කරණ මධ්‍යස්ථානය සඳහන් කළේ. එසේම නායයෑම් අවධානම් නිකුත් කර තිබූ බදුල්ල, මහනුවර, කෑගල්ල සහ මාතලේ යන දිස්ත්‍රික්කයන්ට අමතරව කුරුණෑගල සහ නුවර එළිය දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශීය ලේකම් කොට්ඨාශ වලට නිකුත් කර ඇති නායයෑම් අවදානම් තවදුරටත් ක්‍රියාත්මකයි. පැවති වර්ෂාපතනයත් සමඟ මල්වතු ඔය සඳහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇගවීමේ නිවේදනය ඉවත් කර තිබෙනවා. කෙසේ වෙතත්, දැදුරු ඔය සඳහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීම තව දුරටත් ක්‍රියාත්මක බවයි වාරි මාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

Share post:

Popular

More like this
Related