වීසා නැතිව සිටි විදේශිකයින් 08ක් අත්අඩංගුවට

Date:

වීසා නොමැතිව මෙරට රැඳී සිටි විදේශිකයන් 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ 02) සවස් කාලයේ නුවරඑළිය පොලිස් වසමේ හාවාඑළිය ප්‍රදේශයේදී එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 28 ත් 65 ත් අතර වයස්වල පසු වන ඉන්දුනීසියානු ජාතිකයින් බව පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් නුවරඑළිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Share post:

Popular

More like this
Related