අහංගම ද්විත්ව මනුෂ්‍ය ඝාතනයට සැකකරුවෙක් අත්අඩංගුවට

Date:

අහංගම පොලිස් වසමේ වැල්හෙන්ගොඩ ප්‍රදේශයේ නිවසක යුවළකගේ ගෙල කපා ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, පසුගිය ඔක්තෝබර් මස 4 වනදා මෙම ඝාතනයන් සිදුව තිබූ බවය.

ඒ අනුව සිදුකළ විමර්ශනවලින් අනතුරුව ඊයේ (03) දහවල් ගාල්ල කොටුව ප්‍රදේශයේ දී අහංගම පොලීසියේ නිලධාරීන් විසින් අදාළ සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත.

එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, 41ක් හැවිරිදි උණවටුන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අහංගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Share post:

Popular

More like this
Related