2023/24 තක්සේරු වර්ෂය සඳහා ආදායම් වාර්තා මෙතෙක් භාර නොදුන් පුද්ගලයින් සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් දැනුම් දීමක් කර තිබේ.
එහිදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසන්නේ අදාළ ආදායම් වාර්තා භාරදිය යුතුව තිබුණු අවසන් දිනය 2024 නොවැම්බර් 30 වන දින බවත්, සාධාරණ හේතූන් මත අදාළ වාර්තා භාරදීමට අපොහොසත් වීම මත ඒවා 2024 දෙසැම්බර් 07 දින හෝ ඊට පෙර භාරදෙනු ලබන්නේ නම් ඊට සම්බන්ධ දණ්ඩනයන් නොපමුණුවන බවයි.
මේ සම්බන්ධයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.
