උතුරේ පැවැත්වූ මහවිරු සැමරුම් 244ක් අතුරින් 10ක LTTE සංකේත ප්‍රදර්ශනය කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද (04) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ,
“පසුගිය නොවැම්බර් 21ත් 27ත් මහවිරු සතිය තුළ උතුරේ සැමරුම් උත්සව 244ක් සිදුකළ බවට පොලීසිය වාර්තා කර තිබුණා. ඉන් 10ක පමණක් යම් යම් LTTE සංකේත ප්‍රදර්ශනය කර තිබුණා. මේ සම්බන්ධයෙන් පොලීසිය නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා.”
