ලොකු පැටී ගැන අනාවරණයක්

Date:

සුජීව රුවන් කුමාර නොහොත් ලොකු පැටී තවමත් බෙලරූස් රාජ්‍යයේ අත්අඩංගුවේ පසුවන බව නව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ බුද්ධික මනතුංග මහතා පැවසීය.

අභිනව තනතුරේ වැඩ භාරගැනීමෙන් අනතුරුව අද කන්තලේ දී (5) පැවැත්වූ පළමු මාධ්‍ය සාකච්ඡාවේදී ඔහු මේ බව පැවසීය.

ලොකු පැටී නොහොත් සුජීව රුවන් කුමාර නැමැත්තා එම බෙලාරූස් බලධාරීන් විසින් නිදහස් කර ඇති බවත් එය සමරමින් නොයෙකුත් සාද පවත්වා ඇති බවත් පසුගියදා වාර්තා විය.

“මේ පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව බෙලරූස්හි ජාත්‍යන්තර පොලිස් ඒකකය හරහා විමසීමක් සිදුකිරීමෙන් පසුව ඔවුන් විසින් ඊයේ දිනයේදී අප වෙත දන්වා තිබෙනවා එම සැකකරු තවදුරටත් අත්අඩංගුවේ සිටින බවටත්, ඔහු කිසිසේත්ම නිදහස් කිරීමක් සිදුකර නොමැති බවට. ඔහු ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා උදර්පන නීතිය යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිට අවශ්‍යකරන ක්‍රියාමාර්ග ගෙන අවසන්.”

Share post:

Popular

More like this
Related