ආදායම් වියදම් වාර්තා ලබාදී ඇත්තේ අපේක්ෂකයින් 8361න් 1985ක් පමණයි

Date:

2024 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව ආදායම් සහ වියදම් වාර්තා ලබාදීමේ කාලසීමාව අද (06) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එහි සභාපති ආර්. එම්. ඒ. එල්  රත්නායක මහතා සඳහන් කළේ මැතිවරණය සඳහා ඉදිරිපත්වූ අපේක්ෂකයින් 8361 දෙනාගෙන් 1985 දෙනෙකු පමණක් එම වාර්තා ලබාදී ඇති බවය.

නියමිත කාලසීමාව තුළ අදාළ වාර්තා ලබා නොදෙන පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවරගන්නා බවද ඔහු සඳහන් කළේය.

මේ අතර පාළාත් පාලන ඡන්ද විමසීම කඩිනමින් පැවැත්වීම සඳහා කටයුතු සූදානම් කරමින් පවතින බවද ආර්. එම්. ඒ. එල්  රත්නායක මහතා වැඩිදුරටත් පැවසීය.

Share post:

Popular

More like this
Related