වාලම්පුරි 4ක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

Date:

අලෙවි කිරීම සඳහා වාලම්පුරි 04ක් ළඟ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙකු මාදම්පේ සහ වෙන්නප්පුව ප්‍රදේශවල දී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බලකා පුත්තලම කඳවුරේ නිලධාරීන් විසින් සිදුකළ වැටලීමක දී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

සැකකරුවන් මාදම්පේ සහ වෙන්නප්පුව යන ප්‍රදේශවල පදිංචි 41 හැවිරිදි හා 42 හැවිරිදි දෙදෙනෙකි.

සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා කරුවලගස්වැව වනජීවි කාර්යාලය වෙත භරදී ඇති බව සඳහන් වේ.

Share post:

Popular

More like this
Related