ශ්‍රී ලංකා – නවසීලන්ත ක්‍රිකට් තරගාවලිය ගැන දැනුම්දෙයි

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉදිරියේදී නවසීලන්තයේ තරග සංචාරයක නිරත වීමට නියමිතය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ, එළැඹෙන දෙසැම්බර් සහ ජනවාරි මාසවලදී මෙම තරග සංචාරය සිදුකෙරෙන බවය.

එහිදී ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර එක්දින තරග 03ක් සහ විස්සයි20 තරග 03ක් ක්‍රීඩා කිරීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.

විස්සයි 20 තරග පැවැත්වෙන්නේ දෙසැම්බර් 28, 30 සහ ජනවාරි 2 යන දිනවලදී ය.

එක්දින තරග පැවැත්වෙන්නේ ජනවාරි 05, 08 සහ 11 යන දිනවලදී ය.

Share post:

Popular

More like this
Related