කථානායගේ ආචාර්ය උපාධිය ගැන ආශු මාරසිංහ කළ පරීක්ෂාව

Date:

කථානායක අසෝක රන්වල මහතාට ඔහු සඳහන් කළ ආකාරයේ ආචාර්ය උපාධියක් ලැබී ඇත්දැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා අද (11)  අන්තර්ජාලයෙන් පරීක්ෂාවක් සිදුකළේය.

කථානායක අසෝක රන්වල මහතා ජපානයේ වසේඩා විශ්වවිද්‍යාලයෙන් ලබාගත් බව කියන ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් තොරතුරු සෙවීම සඳහා මහාචාර්ය ආශු මාරසිංහ මහතා මාධ්‍ය ඉදිරියේ අද එම විශ්වවිද්‍යාලයේ වෙබ් අඩවියට පිවිසුණි.

එහිදී ඔහු කථානායකවරයාගේ නම සඳහන් කරමින් වසේඩා විශ්වවිද්‍යාලයේ වෙබ් අඩවියේ සෙවීමක් සිදුකළ ද කිසිදු තොරතුරක් එම දත්ත පද්ධතියේ සොයාගැනීමට හැකියාවක් නොලැබුණි.

එබැවින් තමන්ගේ ආචාර්ය උපාධියේ සත්‍යතාවය සම්බන්ධයෙන් තොරතුරු ඉදිරිපත් කළ යුත්තේ කථානායක අසෝක රන්වල මහතාම බවද ඔහු එහිදී වැඩිදුරටත් පැවසීය.

Share post:

Popular

More like this
Related